සාෆි හමුවීමේ රතන හිමි තැත වරදී !

සාෆි හමුවීමේ රතන හිමි තැත වරදී !

වඳ සැත්කම් කළා යැයි චෝදනා නගමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින වෛද්‍ය ෂියාබ්දීන් සාෆිගෙන්, තමන් එම චෝදනාවලට අදාල වරද කළ බවට පාපෝච්චාරණයක් කරවා ගැනීම සඳහා ඔහු හමුවීමට ජනාධිපතිවරයාගේ මාර්ගයෙන් අතුරලියේ රතන හිමි දරන ලද උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ.

එම වෛද්‍යවරයා මුණගැසීමට අවස්ථාවක් සලසා දෙන ලෙස අතුරලියේ රතන හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර ඒ අනූව ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා අමතා එම හමුවට අවස්ථාව සලසන්නැයි ඉල්ලීමක් කර ඇතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබේ.

පැලෝපීය නාල අවහිර කිරීම පිළිබඳ මෙම චෝදනාව සමාජගත කළ දිවයින මාධ්‍යවේදී හේමන්ත රන්දුණු , කුරුණෑගල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් , කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වීර බණ්ඩාර ආදීන් මෙම චෝදනාව නිවැරැදි යැයි ඔප්පු කරගන්නට නොහැකිව අසරණ වී ඇතැයිද , ඒ නිසා කෙසේ හෝ අදාල වෛද්‍යවරයා බිය ගන්වා තමන් පැලෝපීය නාල අවහිර කරමින් කාන්තාවන් වඳභාවයට පත්කළා යැයි පාපෝච්චාරණයක් ලබා ගැනීම මේ අවස්ථාවේ කළ යුතුම යැයි ද අතුරලියේ රතන හිමියන්ගේ අදහස වී ඇත.

මේ පිළිබඳ විමසීම සදහා අතුරලියේ රතන හිමියන්ට සහ ඒ හිමියන්ගේ සහායක හිමිවරුන් දෙදෙනෙකුට දුරකථනයෙන් ඇමතූ නමුත් රතන හිමියන් සම්බන්ධ කරගන්නට නොහැකි විය.

(අනිද්දා )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න