ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධීවර කර්මාන්තයේ නිරතව සිට මෙරට අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු නිදහස් කර තිබේ.
අදාල පිරිස සම්බන්ධව නීතිපතිවරයාගේ උපදෙස් මත පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ(14) ධීවරයින් නිදහස් කිරීමට නියෝග කළේය.
ඉන්දීය ධීවරයින් පිරිස මීට මාස දෙකකට පමණ පෙර පේදුරුතුඩුවට ඔබ්බෙන් වන මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටියදී මෙර ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත්තේය.
අදාළ පිරිස ආගමන විගමන නිලධාරීන් හරහා ඉන්දියාව වෙත බාරදීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
