බැදුම්කර ගනුදෙනුවෙන් රවී නිදහස් : නඩුවට අදාළ පාර්ශව මෙන්න !

බැදුම්කර ගනුදෙනුවෙන් රවී නිදහස් : නඩුවට අදාළ පාර්ශව මෙන්න !

ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනුවට අදාලව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක ගේ නම සටහන් කිරීම මුළුමනින්ම දේශපාලන ප්‍රෝඩාවක් බව අනාවරණය වෙයි.

ඊට පැහැදිලි සාක්ෂි අද (13) අනාවරණය විය.

ඊට අනුව මතභේදයට තුඩුදී ඇති භාණ්ඩාකාර බැඳුම්කර නිකතුව මගින් රජයට කෝටි ගණනක පාඩුවක් කරමින් මහා පරිමාණ වංචාවක් කර ඇති බවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ට හා පරපෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ ඇතුළු 10කුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවැරීමට අගවිනිසුරුවරයා විසින් නීතිපතිවරයාට අවසර දුන්නේය.

එහෙත් එහි කිසිදු අවස්ථාවක රවී කරුණානායක අමාත්‍යවරයා ගේ නම සටහන්ව නැත.

බැදුම්කර ගනුදෙනුව හේතුවෙන් රටේ ආර්ථිකයට සිදුවූ බලවත් පාඩුව හා එහි ඇති සංකීර්ණත්වය සැලකිල්ලට ගනිමින් මෙම නඩුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කිරීමට අවසර දෙන ලෙස නීතිපති දප්පුලද ලිවේරා කළ ඉල්ලීමක් සළකා බලමින් අගවිනිසුරුවරයා මෙම අවසරය දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණනන නිලධාරීනී රජයේ නීතිඥ නිෂාරා ජයරත්න පවසා ඇත.

ඊට අදාලව පාර්ශව 10ක නම් සදහන් අතර ඒ කිසිදු අවස්ථාවක අමාත්‍ය රවී කරුණානායක ගේ නම සදහන් නැත.

ඒ අනූව ලංකා මහා බැංකුවේ හිටපු අධිපති ලක්‍ෂමන් අර්ජුන් මහෙන්ද්‍රන්, මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමල එහි අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පළිසේන, එහි සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්, එම සමාගමේ සේවකයින් වන පුෂ්පමිත‍්‍ර ගුණවර්ධන, චිත‍්‍රා රංජන් හුලුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන්ට එරෙහිව අධිචෝදනා නැඟීමට නීතීපතිවරයා තීරණය කර ඇත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න