නඩු 4කින් රාජපක්ෂ පවුල කොටු කරන මෙහෙයුමක් : පොහොට්ටුවේ අපේක්ෂකයා මෛත්‍රී !

නඩු 4කින් රාජපක්ෂ පවුල කොටු කරන මෙහෙයුමක් : පොහොට්ටුවේ අපේක්ෂකයා මෛත්‍රී !

එළැඹෙන ජනාධිපතිවරණයට ප්‍රථම පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේ සිදුකළ රටේ මහත්වූ ආන්දෝලනයට තුඩුදුන් අපරාධ කිහිපයක් සම්බන්ධව නීති කටයුතු කඩිනම් කිරීමට ජනාධිපති පාර්ශවය තීරණයක් ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒකාබද්ධ විපක්ෂයට සමීප ආරංචි මාර්ග සදහන් කරන්නේ ජනාධිපතිවරණය අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහා යෝජනා වී සිටින ප්‍රබල අපේක්ෂකත්වය දුර්වල කිරීමේ උත්සාහයක් මේ පිටුපස තිබෙන බවය.

එසේම ජනාධිපති සිරිසේන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානයක් ඇතිකර ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඊට අදාලව රාජපක්ෂ පවුල සමග වැඩි කේවල් කිරීමක් තබා ගැනීමේ සැලසුමක් මෙහිදී නිරීක්ෂණය වන බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

ප්‍රධාන අපරාධ 4ක් කඩිනම් කරන්න : වැ.බ. පොලිස්පති ට නීතිපති දන්වයි !

මේ අතර මහත් ආන්දෝලනයට තුඩුදුන් අපරාධ ක්‍රියා සිද්ධීන් 4 ක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ කඩිනමින් අවසන් කර වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියම කර තිබෙන බව වාර්තා වෙයි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරන නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුදීන් ඝාතනය, කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සහ මුතුර් action farm රාජ්‍ය නොවන සංවිධානයේ සේවකයින් 17 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම යනාදී සිද්ධින්ට අදාළ පරීක්ෂණවල අනිසි ප්‍රමාදයක් පවතින බවට නීතිපතිවරයා විසින් නිරීක්ෂණය කර තිබේ.

එබැවින් ඒම අපරාධ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කර උද්‍යෘත නිතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති සහ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබාදී ඇති බවද රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න වැඩි දුරටත් සඳහන් කර තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න