අමාත්‍ය මණ්ඩල රැස්වීම ලබන 18 වනදා පැවැත්විමට තීරණය වී ඇති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ අමාත්‍ය මණ්ඩල රැස්වීම එදින පැවැත්වෙන බවට ලිඛිතව දැනුම්දී ඇති බවයි.
එසේම ජනාධිපති සිරිසේනගේ මේ අලුත් එළැඹුම සම්බන්ධව අවධානයෙන් සිටිය යුතු බවත් ජනාධිපති සිරිසේන යම් ආකාරයකට කැබිනට් මණ්ඩල හමුව නොකැඳවූවා නම් ඒ සම්බන්ධව දැඩි පියවර ගැනීමට පාර්ලිමේන්තුව සූදානම්ව සිටි බවත් වාර්තා වෙයි.
කෙසේවුවද විශේෂ කැබිනට් මණ්ඩල රැස්විමක් පසුගිය 07 වනදා රාත්‍රී ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි.
එහිදී ඔහු දැඩිව කියා සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීම සදහා පත් කෙරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අත්හිටුවීමට ක්‍රියා කරන තෙක් යළිත් කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුව තමන් වර්ජනය කරන බවය.
සැම සතියකම අඟහරුවාදා දිනයේ කැබිනට් රැස්විම පැවැත්විමට නියමිතව තිබුණ ද උද්ගත වූ තත්ත්වය හේතුවෙන් පසුගිය 11 වන අඟහරුවාදා දිනයේ කැබිනට් රැස්විම නොපැවැත්වුනේද ඒ අනූවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
