රට අරාජික කරන්න දෙන්නේ නෑ : එජාප ආණ්ඩුවෙන් බෙහෙත් සූදානම් !

රට අරාජික කරන්න දෙන්නේ නෑ : එජාප ආණ්ඩුවෙන් බෙහෙත් සූදානම් !

ජනාධිපති සිරිසේනගේ අත්තනෝමතික හැසිරීම සහ ඒ තුළ රට දිනෙන්දින අරාජිකත්වයට පත්වීමට එරෙහිව විධිමත් සහ අඛණ්ඩ ප්‍රතිචාර දැක්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව දැඩි තීරණයක් ගෙන ඇති බව වාර්තා වෙයි.

එසේම දිගින් දිගටම ජනාධිපති සිරිසේන විසින් චේතනාන්විතව රට අරාජික කිරීමට කටයුතු කරනවා නම් ඒ සම්බන්ධව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන භාවිතය තුළ ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමටද එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව තීන්දු කර ඇති බවත් වාර්තා වෙයි.

අගමැතිගේ ලිපිය තීරණාත්මකයි !

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය 11 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරයා වැඩබලන අමාත්‍යවරුන් පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බව දක්වමින් ජනාධිපති සිරිසේනට ලිපියක් යොමුකිරීම එහි ආරම්භක පියවරය.

මේ ලිපිය යොමුකරමින් අග්‍රාමාත්‍යවරයා ඉතා පැහැදිළිව ජනාධිපති සිරිසේන විසින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව පෙන්වා දී ඇති බවත් එය බරපතළ ගණයේ ප්‍රජාතන්ත්‍රවාදී අනතුරු හැඟවීමක් බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

අදාළ ලිපිය යොමුකරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී ඇත්තේ ඇමැතිවරුන් පත් කිරීමේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඔවුන්ගේ නම් අගමැතිවරයා විසින් නිර්දේශ කළ යුතුව ඇති බවත් එහෙත් තමා එවැනි නිර්දේශ කිරීමක් කර නොමැති බවත්ය.

ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමකටද ලක්විය හැකි බව අගමැතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

දැන හෝ නොදැන සිරිසේන ව්‍යවස්ථාව කඩාගෙන !

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිගේ කාර්යය සම්බන්ධව ව්‍යවස්ථාවේ සඳහන් පළමු කර්තව්‍යම ප්‍රශ්න කර ඇති බවත් එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

Capture1

එසේම ජනාධිපතිවරයා රට අරාජික වීමට ඉඩහැරීම සම්බන්ධව පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටින බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උපුටා දක්වමින් දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙයි.

Capture2

තවද අමාත්‍ය මණ්ඩලය නියෝජනය නොකරන අයෙකු අමාත්‍ය මණ්ඩලයට පත්කිරීම සඳහා ජනාධිපතිට අවස්ථාව ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව පමණක් බවත් විෂය කුමක්ද යන්න තීරණය කිරීමේ හැකියාව ජනාධිපතිට ඇතත් අමාත්‍ය මණ්ඩලයේ නොවන අයෙකු අමාත්‍ය මණ්ඩලයට පත්කිරීමට ජනාධිපතිගේ අභිමතය පමණක් ප්‍රමාණවත් නොවන බවත් එම ආරංචිමාර්ග අවධාරණය කරයි.

Capture3

Capture5අමාත්‍ය මණ්ඩලය යනුවෙන් ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ කැබිනට් අමාත්‍යවරුන් පමණක් බවත් ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් වැඩබලන පදනමින් හෝ අමාත්‍ය මණ්ඩලයට පත්කිරීමට සහ දිවුරුම් ගැනීම ව්‍යවස්ථා විරෝධී බවත් එම ආරංචිමාර්ග ව්‍යවස්ථාව උපුටා දක්වමින් සඳහන් කරයි.

Capture6

එසේම මේ වන විට ජනාධිපති නොමැතිව කැබිනට් මණ්ඩලය රැස් නොකිරීමේ තීරණයක්ද එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව විසින් ගෙන ඇති බවත් වාර්තා වෙයි.

එහිදී ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ ජනාධිපති විසින් තමන්ට කැබිනට් හමුව සඳහා සහභාගී වීමට නොහැකි බවට දැනුම්දීමක් සිදුකරන තෙක් එම තීරණයේ එළඹ සිටීමය. ඒ අනුව යම් ආකාරයකට ජනාධිපති සිරිසේන තමන්ට කැබිනට් මණ්ඩලය සඳහා සහභාගී වීමට නොහැකි බව දැන්වුවහොත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්කර ඉදිරි කටයුතු කරගෙන යාම එක්සත් ජාතික පෙරමුණ දැනට ගෙන ඇති තීරණය වෙයි.

ඒ සඳහා ද ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අග්‍රාමාත්‍යවරයාට ඇති බව අප ආරංචිමාර්ග සඳහන් කරයි.

Capture4

මේ බව පෙන්වා දෙමින් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ 2001 - 2003 ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සාමය තුළත් ජනාධිපතිනිය කැබිනට් මණ්ඩලයට නොපැමිණෙන බව දැනුම්දීමෙන් පසුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුව පවත්වා අවශ්‍ය තීන්දු තීරණ ගනුලැබූ බවය.

ප්‍රජාතන්ත්‍රවාදී සටනක් !

එසේම මේ මොහොතේ ජනාධිපති සිරිසේන විසින් තමන් කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා සහභාගී නොවීමට අදාළව දක්වා ඇති හේතුවේද ගැටළුවක් ඇති බවත් එම හේතුව ඉදිරිපත් කිරීම හරහා ජනාධිපති සිරිසේන සූදානම් වන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද බරපතල ලෙස උල්ලංඝනය කිරීමට බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එබැවින් යහපාලන ආණ්ඩුව පිහිටවූ එකඟතාව සහ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව පිහිටවූ 2018 වසරේ අග භාගයේ එකඟතාව රකිමින් ජනාධිපති සිරිසේන නොමැතිව කැබිනට් මණ්ඩලය රැස්නොකිරීමට තීන්දුවක සිටියත් කිසිසේත් ඊට මුවාවී පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමට විධායකයට ඉඩනොදෙන ස්ථාවරයක ආණ්ඩුව සිටින බවත් එම ආරංචිමාර්ග දක්වයි.

ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට නියමිත බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න