පොසොන් සමයේ අනුරාධපුර නගරය හා අවට ප‍්‍රදේශවල විශේෂ වැටලීම් සිදු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ සඳහා කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් දැනටමත් එම ප‍්‍රදේශ වෙත ගොස් සිටින බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කර සිටියි.
පොසොන් සමයේ නීති විරෝධි මත්පැන් ජාවාරම්වල නිරත වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැටලීම් සිදු කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර හෙට සිට ලබන 19 වැනිදා දක්වා අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ පිහිටි සියලු සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඊට අමතරව පොසොන් පොහෝ දිනයේදී දිවයින පුරා සියලූ සුරාසැල් වසා තබන ලෙසටසුරාබදු දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී ඇත.
මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් අද සිට ලබන 18 වැනිදා දක්වා පොසොන් සතිය ලෙස රජය විසින් ප‍්‍රකාශයට පත්කර ඇත. මෙවර පොසොන් සතියේ තේමාව වී ඇත්තේ ‘ සබ්බේ තසන්ථී දණ්ඩස්ස’ - සියලූ සත්වයෝ දඬුවමට බියවෙති යන්නයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
