දූෂණයට වැට බඳින්න ජනාධිපති කාර්යාලයේ විද්වත් කතිකාවක්

දූෂණයට වැට බඳින්න ජනාධිපති කාර්යාලයේ විද්වත් කතිකාවක්
බොහෝ රටවල සිදුකර ඇති පරිදි වංචාව හා දූෂණය පිටුදැකීම සඳහා විවිධ සම්මුතීන්, නීති රීති හා යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කර ඇති පරිදි මෙරට තුළද දුෂණයට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කිරීම මෙහි අරමුණ වී තිබේ. 
 
 ශ්‍රී ලංකාව තුළ අල්ලස් හා දූෂණය තුරන් කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම වෙනුවෙන් විද්වත් අදහස් ලබාගැනීමේ විශේෂ කතාබහක්   ඊයේ(18) ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇති බව වාර්තා වෙයි. 
 
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම කතාබහ සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා, විගණකාධිපතිවරයා, අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ. 
 
 එහිදී  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම, විමර්ශන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, අල්ලස් හෝ දූෂණ නඩු මෙහෙයවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, අල්ලස හා දූෂණය නිවාරණය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ආදී කරුණු පිළිබඳ සාකච්චාවට ලක්වූ බවද වාර්තා වෙයි.
 
ඊට අමතරව මෙම සැලැස්ම හරහා පෞද්ගලික අංශයේ දූෂණ ක්‍රියා වැළක්වීම, රාජ්‍ය මුදල් කළමනාකරණයේදී සිදුවන අක්‍රමිකතා වැළක්වීම, අපරාධ වැරදිවලින් උපයන ලද වත්කම් ආපසු ලබාගැනීමට අදාළ නීති සකස් කිරීම, දුෂණයට එරෙහිව හඬ නගන්නන් ආරක්ෂා කිරීම සම්බන්ධ නීති පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිත බව පැවසේ. 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න