භික්ෂූන් විරුද්ධවුයේ සුරාවට නෙවෙයි : කාන්තාවන්ට සමතැන දීමටයි - නීතිඥ ජේ.සී.වැලිඅමුණ

භික්ෂූන් විරුද්ධවුයේ සුරාවට නෙවෙයි : කාන්තාවන්ට සමතැන දීමටයි - නීතිඥ ජේ.සී.වැලිඅමුණ

කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමේ සහ ඒ ආශ්‍රිත රැකියා කිරීමේ අයිතියට එරෙහිව විරෝධය දක්වන භික්ෂුන් කාන්තාවන්ගේ සම අයිතිය පිළිනොගන්නා ප්‍රගතිශීලී නොවන කණ්ඩායමක් බව නීතිඥ ජේ.සී.වැලිඅමුණ පවසයි.

එසේම ඇතැම් චීවරධාරීන් නොපෙනෙන ලෙසින් සුරා පානය කරන බවත් එවැනි පසුබිමක කාන්තාවන්ට සමතැන දීමේ අවස්ථාවක් අහිමි කිරීමට බලපෑම් කිරීම් කිසිඳු පදනමක් නොමැති ඉතා පටු කෝණයකින් දැක සිදුකරන්නක් බවද ඔහු සඳහන් කරයි.

නීතිඥ ජේ.සී.වැලිඅමුණ මේ බව සඳහන් කර සිටියේ කාන්තාවන් සඳහා මත්පැන් මිලදී ගැනීම සහ මත්පැන් අලෙවිසැල් විවෘතව තැබෙන වෙලාව සංශෝධනය කරමින් මුදල් අමාත්‍යංශය නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ජනාධිපතිවරයා ගනුලැබූ තීරණය සම්බන්ධව අදහස් දක්වමින්ය.

එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ නීතිඥ ජේ.සී.වැලිඅමුණ ,

මත්පැන් පනතෙ තිබුණු රෙගුලාසි මගින් කාන්තාවන්ව දීර්ග කාලීනව වෙන්කොට දැක්වීමක් නතර කරන්න දරපු උත්සාහයේදි කාන්තාවන්ව වෙන්කොට දැක්වීමට ගත් උත්සාහය නතරවෙන්නයි ගියේ. දැන් නැවතත් ඒක තිබුණු තැනටම ගෙනියනව කියන්නෙ කාන්තාවන්ට තියෙන අයිතිවාසිකමක් අහිමිවීමක්.

නමුත් අවාසනාවකට වගේ ලංකාවෙ කාන්තාවන් ඉදිරියට ඇවිත් මේ සම්බන්ධව මත ඉදිරිපත් කිරීමක් දකින්න ලැබෙන්නෙ නැහැ .ඒ වුණත් පිරිමින්ට වගේම කාන්තාවන්ටත් සම තැන දෙන්න තිබුණු එක් අවස්ථාවක් මෙතනදි නැති වෙලා ගියා. එතනදි වැදගත් වෙන්නෙ ඒ අවස්ථාව ලොකුද පොඩිද කියන එක නෙවෙයි.ඒත් සමාජයේ විකුණන්න තියෙන යම්කිසි නිත්‍යානුකූල දෙයක් කාන්තාවන්ට ගන්න බැහැ කියනව නම් ඒක වැරදියි. ඒක ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නෙ කාන්තාවො.

ඒ වගේම මත්පැන් මිලදී ගැනීමේ,විකිණීමේ අයිතිය කාන්තාවන්ට ලබා නොදෙන්න සමාජමය හෝ ආර්ථිකමය කිසිම පදනමක් නැහැ.

අරාබිකරයේ හැර ලෝකයේ මත්පැන් අලෙවි කරන හැම රටකම මම දන්න විදියට කාන්තා පිරිමි දෙගොල්ලටම මිලදීගන්න පුළුවන්. මේ රටේ විතරක් එහෙම කරන්නෙ ඇයි කියන ප්‍රශ්නයත් මතුවෙනවා. අද සමාජයේ කතා නොකළට දළදා මාළිගාවෙ දිය වඩන නිළමේ පත්කර ගන්නා ඡන්ද අයිතිය කාන්තාවන්ට නෑ. ඒ වගේ දීර්ග කාලීනව කාන්තාවන්ට සමාජ අසාධාරණකම් සිදුවුණා .ඒ දේවල් කවදා හරි දවසක නැති කිරීම අවශ්‍යයයි. ඒත් ඒක නැති කරන්න ගත්ත පොඩි හරි උත්සාහයක් නතර කරනව නම් එය දීර්ග කාලීනව නැවත වරක් ඇයගෙ ඉදිරි ගමනට බලපෑමක්.

මෙතනදි කාන්තාවන්ට තියෙන රැකියා අවස්ථාවකුත් අහිමි වෙනවා. කාන්තාවන්ට සුරා සැල්වල වැඩ කරන්න දෙන්නෙ නෑ කියල අතීතයෙ නඩු පවා තිබිල තියෙනවා. එක්තරා අවස්ථාවකදි ඩියුටි ෆ්‍රී ෂොප්වල (Duty Free) කාන්තාවන්ට වැඩ කරන්න නොදීම සම්බන්ධව උසාවිය ඉස්සරහ අභියෝගයටත් ලක්වුණා. ඒඅනුව ඒවා විකුණන සේල්ස් වුමන්ල (sales women)ඉන්න පුළුවන් නම් ගන්න බැරි ඇයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න