ඇමති රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට බැසිල් විරුද්ධයි !

ඇමති රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට බැසිල් විරුද්ධයි !

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් ඇති බව සඳහන් කරමින් පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ එයට විරෝධය දක්වා ඇති බව වාර්තා වෙයි.

එම විශ්වාසභංගයට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, අතුරුලියේ රතන ස්වාමීන්වහන්සේ, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇතුළුව මන්ත්‍රීවරුන් 29ක් අත්සන් තබා තිබේ.

කෙසේ වෙතත් අද (14) පෙවරුවේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් පවත්වා ඇති අතර එහිදි විපක්ෂ නායක ප්‍රකාශ කර ඇත්තේ විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් ඇති බැවින් එය දැන්ම ඉදිරිපත් නොකරන ලෙසය.

මේ සම්බන්ධව ලැබී ඇති දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අදාල විශ්වාසභංග යෝජනාව විකාරයක් බව සඳහන් කරමින් එයට විරෝධය දක්වා ඇති බවය.

රිෂාඩ්ට ගැහුවේ දේශපාලන ගේමක් !

මේ අතර වැඩිදුරටත් ලැබෙන දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ 2018 ඔක්තෝබර් 26 වනදා දියත්වූ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණය සදහා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සහයෝගය ලබානොදීම හේතුවෙන් ශ්‍රිලනිප සහ පොහොට්ටු පාර්ශවයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු අමාත්‍යවරයා සමග බද්ධ වෛරයෙන් පසුවෙන බවයි.

එහිදී රුපියල් බිලියන ගණනක ලංසුවක් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වෙනුවෙන් ලබාදීමට කුමන්ත්‍රණ ආණ්ඩුවේ නායකයන් ඉදිරිපත්ව ඇතත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ඒ ප්‍රතික්ෂේප කර ප්‍රජාතන්ත්‍රවාදී බලවේග වල ජයග්‍රහණය වෙනුවෙන් පෙනීසිට ඇත.

එසේම රවුෆ් හකීම් අමාත්‍යවරයා ද තමන්ට ලැබුණු ලංසු ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයේ සිටින මෙම මුස්ලීම් දේශපාලන නායකයන් සමග "ඇරියස් කවර්" කිරීමක් සිදුවෙමින් තිබෙන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

image 50e99ab14e

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න