වෙඩි තියන්න ඉඩ තියන්න එපා : ත්‍රිවිධ හමුදාවෙන් දැඩි අවධාරණයක් !

වෙඩි තියන්න ඉඩ තියන්න එපා : ත්‍රිවිධ හමුදාවෙන් දැඩි අවධාරණයක් !

අවවාද කර නොසන්සුන්තා පාලනය කිරීමට නොහැකි වුවහොත්, ති‍්‍රවිධ හමුදාවට අවම බලය යෙදවීමට සිදුවන බවත් එහිදී වෙඩි තැබීමට ඉඩනොතබා සාමකාමීව සිටින ලෙස නාවික හමුදාව සඳහන් කරයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා පවසා ඇත්තේ "කලහකාරී පිරිස් පාලනය කිරීම සඳහා අවම බලය යෙදීමේදී සමහරවිට වෙඩි උණ්ඩයක් පත්තු කරන්න සිදු වෙනවා. අවම බලය යෙදවීමේ ක්‍රියා පිළිවෙතක් තියෙනවා. ඒ අනුව අපි අවම බලය ඒ පුද්ගලයන්ට එරෙහිව යොදවන්න සිද්ධ වෙනවා. ඒක ත්‍රිවිධ හමුදාවට ලැබිලා තියෙන උපදෙස්. අපිට බොහොම කණගාටුදායක තත්ත්වයකට පත්වෙන්න වෙනවා.. මෙවැනි තත්ත්වයක් ඇති වුණාම. පුද්ගලයෙකුට තුවාලයක් හෝ ජීවිත හානියක් සිදු වෙන්නේ ඔහු හමුදා අණට අවනත නොවී ඔහුගේ අභිමතය පරිදි දේපළ හානියක් හෝ ජීවිත හානියක් කරන්න යොමු වෙලා ඉන්න අවස්ථාවකදී. " කියාය.

මේ අතර නොසන්සුන් ලෙස කලහාකාරී ක්‍රියාවල නිරත පුද්ගලයන්ට එරෙහිව හදිසි නීතිය යටතේ නීතිය දැඩි ලෙස කි‍්‍රයාත්මක කරන බව ද ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති පවසා ඇත.

මේ වනවිට සියලු ප‍්‍රදේශවල ආරක්ෂාව තහවුරු කර ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කර තිබේ.

එසේම යුදහමුදාපතිද මේ වන විටත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත පුද්ගලයන්ට දැඩි අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබේ.

"රටේ ඕනෑම පෙදෙසක කලබලකාරී තත්ත්වයක් ඇතිවුවහොත් එය පාලනය කිරීම සඳහා උපරිම බලය යොදවන බවත්, අවශ්‍ය වුවහොත් හදිසි තත්ත්වය මත ඇති බලතල අනුව වෙඩි තැබීමට වුවද පියවර ගන්නා බවත් එහිදී හමුදාපති මහේෂ් සේනානායක පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න