මිනුවන්ගොඩ සිදුවීමට අදාළ 13ක් අත්අඩංගුවට !

මිනුවන්ගොඩ සිදුවීමට අදාළ 13ක් අත්අඩංගුවට !

මිනුවන්ගොඩ නගරයේ කඩ සාප්පු කිහිපයකට පහර දි අලාභ හානි කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් පවසයි.

මේ අතර පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන්නේ කඩාකප්පල්කාරීන් මිනුවන්ගොඩ නගරයට කඩා වැදිමත් සමඟ පොලීසිය එහි ගොස් එම පිරිස විසුරුවා හැරිමට කටයුතු කළ බවත් පහර දිමෙන් කඩ සාප්පු කිහිපයකට අලාභ හානි සිදුව ඇති බවත් ය.

මේ සිදුවීමත් සමඟ ඊයේ (13) රාත්‍රී 9 සිට අද උදෑසන 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීය.

ආරක්ෂක අංශ ක්‍රියාත්මකවීමේ ප්‍රමාදයක් !

කෙසේ වුවත් එම ප්‍රදේශ වලින් ලැබෙන ආරංචිමාර්ග සඳහන් කරන්නේ මිනුවන්ගොඩ නගරයේ මුස්ලීම් ප්‍රජාවට අයත් කඩ සාප්පු ඉලක්ක කර එල්ලවූ නින්දිත ප්‍රහාරය ආරම්භ වූ මොහොතේම ආරක්ෂක අංශ ක්‍රියාත්මකවූ බවක් පෙනෙන්නට නොතිබූ බවයි. ඔවුන් අදාළ ස්ථාන වෙත පැමිණියේ කිසියම් ප්‍රමාදයක් සහිතව බවත් එම ප්‍රදේශයේ පිරිස් චෝදනා කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න