සිරිසේනගේ ජනාධිපතිවරණ සටන් පාඨය : ප්‍රසන්න හෙළිකරයි !

සිරිසේනගේ ජනාධිපතිවරණ සටන් පාඨය : ප්‍රසන්න හෙළිකරයි !

ජනාධිපතිවරයාගේ අරමුණ මේ තියෙන තත්ත්වයෙන් ප්‍රයෝජන අරගෙන ලබන පාරත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බවත් දැනගන්න ලැබී ඇති ආකාරයට ගෝලීය ත්‍රස්තවාදය පරාජය කරපු නායකයා කියලා බෝඩ් එකක් ගහගෙන ජනාධිපතිවරණයට යන්න සූදානම් වෙන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන (පොහොට්ටු පාර්ශවය ) පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසයි.

සාමකාමී රට ත්‍රස්තවාදයට ඇදලා දාපු නායකයා විදියට මිසක් වෙන විදියකට ජනතාව හමුවට යන්න මෛත්‍රිට නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මේ අදහස් දක්වා ඇත්තේ ඉතාලියේ මිලානෝ නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් සමඟ පැවැති සුහද හමුවකට 13 වැනි දා සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

රස්තවාදය පරාජය කරන්න ජනාධිපතිට, අගමැතිට සහ ආණ්ඩුවට කොන්ද පණ තියෙන්න ඕනේ. මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අවහිර කරා කියලා ත්‍රස්තවාදය පරාජය කරන්න බැහැ. ආණ්ඩුව හදන්නේ ත්‍රස්තවාදය අවසන් කරන්න නෙමෙයි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා ජනතාවගෙන් වසන් කරන්නයි. මෙහෙම ගියොත් තත්ත්වය තවත් උග්‍ර වෙලා ජනතාව පාරට බහින එක වළක්වන්න බැහැ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න