රජයේ පාසල් ප්‍රාථමික ශ්‍රේණි 13 ඇරඹේ !

රජයේ පාසල් ප්‍රාථමික ශ්‍රේණි 13 ඇරඹේ !

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් කල් දැමූ රජයේ පාසල්වල ප‍්‍රාථමික ශ්‍රේණි සඳහා දෙවන වාරයේ අධ්‍යයන කටයුතු හෙට (13) සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පාසල්වල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ගේ අධ්‍යයන කටයුතු පසුගිය 06 වැනිදා ආරම්භ වූ නමුත් සිසුන්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පැවතිණ.

කෙසේ වුවත් පාසල් දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් මේ වන විට විශේෂ වැඩපිළිවෙළක් ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව ක‍්‍රියාත්මක කර ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ පවසයි.

පාසල් වෙතද විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් මාලාවක් ලබාදී ඇති බව ද අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කරයි.

රජයේ පාසල්වල දෙවැනි වාරයේ අධ්‍යයන කටයුතු ආරම්භවීමට නියමිතව තිබුණේ ඉකුත් අප්‍රේල් 22 වැනිදා වන අතර 21 වැනිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව එම දිනය අපේ‍්‍රල් 29 වැනිදා දක්වාත් ඉන්පසු යළිත් මැයි 6 වැනිදා දක්වාත් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් අසල පොලිස් හා හමුදා නිලධාරීන්ද ඉකුත් 6 වැනිදා සිට යොදවනු ලැබ තිබිණි.

 කතෝලික පාසල් කල්‍ යන ලකුණු !

 මේ අතර පාස්කු ඉරිදා දින ප‍්‍රහාරයෙන් පසු මේ දක්වා වසා දමා ඇති පෞද්ගලික කතෝලික පාසල්වල දෙවැනි පාසල් වාරය අනිද්දා (14) සිට යළි ආරම්භ කරන්නේද යන්න ගැන මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නැතැයි අගරදගුරු පදවි ජන සන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ එඩ්න්ම තිලකරත්න පියතුමා පැවසීය.

 පෞද්ගලික කතෝලික පාසල් අනිද්දා (14) සිට යළි ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇති නමුත් රටේ ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකිනම් පමණක් මැල්කම් කාදිනල් රංජිත් අගදරගුරුතුමන් එම තීරණය ක‍්‍රියාත්මක කරනු ඇතැයි ද එඞ්මන් තිලකරත්න පියතුමා සදහන් කළේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න