ෆොන්සේකාට නීතිය හා සාමය දෙන්න : එජාපෙ මන්ත්‍රී කණ්ඩායම ජනපතිට දන්වයි !

ෆොන්සේකාට නීතිය හා සාමය දෙන්න : එජාපෙ මන්ත්‍රී කණ්ඩායම ජනපතිට දන්වයි !

රටතුල උද්ගතව ඇති හදිසි තත්ත්වය පිළිබඳව සලකා බලා ආරක්‍ෂක ක්‍රමවේදයන් තවදුරටත් ශක්තිමත් කරන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පැවසිය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කොළඹදී පැවති විශේෂ හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රට ත්‍රස්තවාදී තර්ජනයකට මුහුණ දී ඇති මේ අවස්ථාවේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සහය ද ආරක්ෂක කටයුතු වෙනුවෙන් ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

යුධ සමයේ දී හදිසි අවස්ථාවන්ට මුහුණ දීමේ පුහුණුව ලත් නිලධාරින්ගේ එම සේවය මෙම අවස්ථාවේ ලබා ගත හැකිනම් එය ඉතා වැදගත් වනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්‍ෂණ උපකරණ අවශ්‍ය වන්නේ නම් විශේෂ කැබිනට් මණ්ඩල අනුමැතියක් මගින් හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා අදාළ උපකරණ මිලදී ගැනීම සිදුකල යුතු බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළාය.

පාස්කු දින ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කල අන්තවාදී ත්‍රස්ත සංවිධාන ස්ථිර තහනමකට ලක් කිරීම කෙරෙහිද අවධානය යොමුවිය යුතු බව මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

දැනට හදිසි නීති රෙගුලාසි යටතේ එම සංවිධාන තහනම් කර තිබුනද නව නීති සකස් කර හෝ නෛතික වශයෙන් අන්තවාදී සංවිධාන විනාශ කර දැමීමට පියවර ගතයුතුයි.

මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා හට නිතිය සහ සාමය පිලිබඳ අමාත්‍යාංශය ලබාදීමේ අවසන් තීරණය රජය තවමත් ප්‍රමාද කරන්නේ මන්ද යන්න එහිදී අමාත්‍යවරයා සඳහන් කලේය.

එම වගකීම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට ලබා දියයුතු බවට එජාප පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි.

පෞද්ගලිකත්වට වඩා රට වෙනුවෙන් තීරණ ගැනීමට යොමු වීම අත්‍යවශ්‍ය බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න