ත්‍රස්ත විමර්ශනවලට : හිටපු පොලිස් බුද්ධි අංශ නිලධාරියෙකුගෙන් බාධා !

ත්‍රස්ත විමර්ශනවලට : හිටපු පොලිස් බුද්ධි අංශ නිලධාරියෙකුගෙන් බාධා !

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ ආරක්ෂක අංශ විමර්ශන සඳහා බාධාකල බව කියන පොලිස් බුද්ධි අංශ කටයුතු කල විශ්‍රාමික නිලධාරියෙක් සම්බන්ධව වහාම විමර්ශනය කරන ලෙස ආරක්ෂක අමාත්‍යංශය පොලිස් මුලස්ථානයට දන්වා ඇති බව වාර්තා වෙයි.

එහි ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ විශ්‍රාමික පොලිස් බුද්ධි අංශ නිලධාරියා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාට අයත් තඹ කම්හලක් වැටළීමට වැල්ලම්පිටිය පොලිසිය ක්‍රියා කල අවස්ථාවේදී, වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් ගෙන "මොකටද ඒක රේඩ් කරන්න ගියේ ? දැන් මොකුත් හම්බුණාද ඒකෙ තිබිලා ? නෑ නේ ?" යනාදී වශයෙන් අනවශ්‍ය මැදිහත්වීමක් සිදු කරමින් විමර්ශන නිලධාරීන් අපහසුතාවට ලක්වන අයුරින් බාධා කර ඇත.

පසුව වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයට පැමිණිලි කර තිබේ.

මෙසේ චෝදනාවට ලක්ව සිටින විශ්‍රාමික පොලිස් නිලධාරියා අත්අඩංගුවේ පසුවන ඉම්රාන් හාජි සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අයකු බවත් මේවනවිට අනාවරණය වී ඇත.

එසේම, සැකකාර විශ්‍රාමික පොලිස් නිලධාරියා, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ප්‍රධානියා ලෙස සැක කෙරෙන සහාරන්ගේ ඥාතියකු වන කතන්කුඩියේ හාෂිම් නමැත්තා සමග ද සම්බන්ධතා පවත්වා ඇතැයි මේවනවිට අනාවරණය කරගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න