ලංකාව මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් - සාගල පිළිගනී

ලංකාව මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් - සාගල පිළිගනී

ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම මැඩලීමට මැලේසියාවේ සහාය හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස යොදා ගනිමින් ඇති බව නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක පිළිගනියි.

ඇමතිවරයා එම පිළිගැනීම සිදුකළේ පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් 2016 දෙසැම්බර් 9 වැනිදා අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 928යි ග්‍රෑම් 229ක ප්‍රමාණයක් අද (ජනවාරි 15) කටුනායක ආයෝජන කලාප පරිශ්‍රයේදී ප්‍රසිද්ධියේ විනාශ කිරීමේ අවස්ථාවට එක්ව සිටියදීය.

විනාශ කළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 16.7ක් බව නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක පවසයි.

"2015 සිට 2017 දක්වා අපි අත්අඩංගුවට ගත්ත කුඩා සහ විශාල මත්ද්‍රව්‍ය තොගවල වටිනාකම රුපියල් බිලියන 34.5ක් හෝ34.7ක් වෙනවා. එය අවුරුද්දක පොලිස් වැය ශීර්ෂයෙන් භාගයක් තරම් " අමාත්‍යවරයා සඳහන් කළේය.

20180115052023 IMG 0514
සීනි සමඟ ගෙනා මත්ද්‍රව්‍ය තොගයක් අල්ලා ගත් අවස්ථාවක්

 

මෙතරම් විශාල මත්ද්‍රව්‍ය තොග හමුවීම මගින් ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස යොදාගැනීමක් ලෙස හැඳින්විය හැකිදැයි විමසු විට ඇමතිවරයා පැවසුවේ "අපිව හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස යොදා ගන්නවා, නමුත් යම් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළත් බෙදා හරිනවා. ඒක කඩන්න අපි විශාල සටනක් කරනවා" ඇමතිවරයා පවසයි.

 වැරදිකරුවන් නැහැ:

 ඉහත කී පරිදි විනාශ කරන ලද කොකේන් තොගය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.

කොකේන් තොගය ඉක්වදෝරයේ සිට ඉන්දියාව බලා යන නැවක් තුළ වූ කන්ටේනරයක තිබියදී ලද ඔත්තුවක් අනුව 2016 වසරේ අත්අඩංගුවට ගන්නා ලද බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

 99601013 e8aab617 38f4 4eeb 89e3 93eab7fd19bb
අල්ලා ගත් මත් තොගයක් නිරීක්ෂණය කරන ජනාධිපතිවරයා

 මෙපරිද්දෙන් බ්‍රසීලයේ සිට ආනයනය කරන ලද සීනි තොග සමඟ කොකේන් විශාල ප්‍රමාණයක් පසුගිය කාලයේ ශ්‍රී ලංකාව තුළට පැමිණ තිබුණි.

(බීබීසී සිංහල සේවය)

 {gallery}cocaine{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න