ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ගැන newstube.lk අනාවරණය හරි : ජනාධිපති ධූර කාලය වසර 5න් අවසන්

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ගැන newstube.lk අනාවරණය හරි : ජනාධිපති ධූර කාලය වසර 5න් අවසන්

ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දැනුම්දී ඇති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සඳහන් කරයි.

ඊයේ එනම් 14 වනදා සවස ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලැබී ඇති අතර ඊට අදාළ වුයේ සිය ධූරකාලය වසර හයක් (06) දක්වා එනම් 2021 ජනවාරි 09 දක්වා දැරීම සඳහා කිසියම් හෝ නීතිමය බාධාවක් තිබේදැයි බලා දැනුම් දෙන ලෙස ජනාධිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත සිදුකළ දැනුම්දීමය.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය සඳහා සහභාගී වුයේ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ කේ.ටී. චිත්‍රසිරි යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්ය.

මුල්ම අනාවරණය newstube.lk වෙතින්

ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් ලෙස දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවට පළමු වරට පුවත ඊයේ රාත්‍රිය වන විට newstube.lk වෙබ් අඩවිය පලකළ අතර එම පුවත පහත දැක්වේ.

ජනාධිපති මෛත්‍රීගේ නිල කාලය වසර පහයි !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න