ජනපති නියමයෙන් කාන්තාවන්ට යළිත් මත්පැන් තහංචි !

ජනපති නියමයෙන් කාන්තාවන්ට යළිත් මත්පැන් තහංචි !

මත්පැන් මිල දී ගැනීම සහ මත්පැන් වෙළෙඳසැල්හි රැකියා කිරීම කාන්තාවන්ට තහනම් කරමින් පනවා තිබු යල්පැන ගිය නීති ඉවත් කරමින්, රජය විසින් නිකුත් කල ගැසට් නිවේදනය අවලංගු කර හෙට (16) තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මුදල් හා මාධ්‍ය අමාත්‍යංශය පවසයි.

ජනාධිපතිවරයා විසින් අද දින සිදුකර ඇති ලිඛිත නියෝගයකට අනුව පෙර ගැසට් නිවේදනය අවලංගු කිරීමේ ගැසට් නිවේදනය නිකුත්කරන බව එම අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවසුයේ 'නිව්ස් ටියුබ්' කල විමසීමකදීය.

එසේ අවලංගු කිරීමට යන්නේ, වසර 60 අධික කාලයක් කාන්තාවන්ට නීත්‍යානුකූලව මත්පැන් මිලට ගැනීම වළකාලමින් පනවා තිබු තහනම ඉවත්කරමින් සුරාබදු ආඥා පනත යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පසුගිය 10 වැනිදා නිකුත්කළ විශේෂ ගැසට් නිවේදනයයි.

මුදල් ඇමතිවරයා නිකුත්කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස තමා මුදල් අමාත්‍යංශයේ බලධාරීන්ට උපදෙස්දුන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14) පස්වරුවේ අගලවත්ත ප්‍රදේශයේ පැවති ශ්‍රීලනිප ජනහමුවක් අමතමින් පැවසීය. ඒ, මුදල් හා මාධ්‍ය අමාත්‍යවරයා ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටියදීය.

අද ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සමග ඉතා පැහැදිලි පාලනයක් රට තුළ ඇතිවී තිබෙන බව එම රැලියේදී පැවසු ජනාධිපතිවරයා, එම නිදහස භුක්තිවිදීම මනුෂ්‍යත්වය තුළ සිදුවිය යුතු බවත් ඇතැම් අය එම නිදහස අහිමි කිරීමට අද මාර්ග සකසමින් සිටින බවත් කියා සිටියේය.

මේ අතර දේශපාලන විචාරකයින් පවසන්නේ, මත්පැන් මිල දී ගැනීම සහ මත්පැන් වෙළෙඳසැල්හි රැකියා කිරීම සම්බන්ධයෙන් වසර හැටක පමණ කාලයක් කාන්තාවන්ට බල පැවැත්වුන තහංචි ඉවත් කරමින් මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත්කළ ගැසට් නිවේදනය අවලංගු කිරීම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි.

 සබැඳි පුවත් :

ව්‍යවස්ථාවට පටහැනියි : කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක් !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න