ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පස් දෙනෙකු ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කර තිබේ.
ඔවුන් කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.
පසුගිය පෙබරවාරි 05 වැනිදා ඩුබායි හි පැවැති සාදයකදී පාතාල නායක මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට ගත් පිරිස අතර මොවුන්ද විය.
එදින අත්අඩංගුවට ගත් 31 දෙනාගෙන් 28 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
