කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතොලික දේවස්ථානයේත් අද(21) උදෑසන 8.35 ට පිපිරීමක් සිදුව තිබේ.
මේ අතර, කටාන පොලිස් වසමේ කටුවපිටිය ප්‍රදේශයේ දේවස්ථානයක ද අද(21) උදෑසන පමණ පිපිරීමක් සිදුව ඇත.
මේ වන විට කොටහේන කොචිචිකඩේ තුවාලකරුවන් 80 කට අධික සංඛ්‍යාවක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
අද උදෑසන පැවති දේව මෙහෙය අතරතුර මෙම පිපිරීම සිදුව ඇති අතර, ඒ වන විට විශාල පිපිරිසක් දේවස්ථානය තුළ රැඳී සිට ඇති බව ද වාර්තා වෙයි.
මේ අතර, තවත් පිපිරීම් තුනක් කොළඹ ෂැන්ග්‍රිලා සහ සිනමඩ් ග්‍රෑන්ඩ්, කිංග්ස්බරි හොටල්වලත් සිදුව ඇතැයි වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
