මැගසින් බන්ධනාගාරය තුළ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි 38 හැවිරිදි රැඳවියෙකුට පහර දී ඝාතනය කර මරා දැමීමේ පුවතක් වාර්තා වේ.
මැගසින් බන්ධනාගාරයේ නිලධාරීන් විසින් මෙම පහර දීම සිදුකර ඇති බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් සිල්වා සඳහන් කරයි. ඔහු මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කළ වීඩීයෝවක් දක්නට ලැබෙන අතර ඔහු පවසන ආකාරයට බන්ධනාගාර තුළ පවතින තදබදය හමුවේ රැඳවියන් විවිධ පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දෙන බවත් එවැනි අවස්ථාවල බන්ධනාගාර තුළ විවිධ කලබලකාරී තත්ත්ව ඇති විය හැකි බවයි. එහෙත් එවැනි අවස්ථා තුළ මෙවැනි ආකාරයට බන්ධනාගාර නිලධාරීන් ක්‍රියා කිරීම ගැටලු සහගත බවත් ඔහු තවදුරටත් පෙන්වා දෙයි.
මතු පළ වන්රෙන් මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු උඩුවර ගෙදර ඉදිරිපත් කළ වීඩියෝ වැඩසටහනකි. එම වැඩසටහන තුළ සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් සිල්වා කරණ ප්‍රකාශයක් ද අන්තර්ගත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
