ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ඉවත් කරගැනීම සම්බන්ධ කාරණාවට කිසියම් නීතිමය හේතුවක් නිසා බාධාවක් එල්ලවී ඇතැයි යන කරුණ සහමුලින්ම අසත්‍යක් යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පැවසූ බව දේශය පුවත්පත වාර්තා කරයි.
එම පුවතේ වැඩිදුරටත් මෙසේද සදහන් කර තිබේ.
මේ ගැන තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසූ බවත් එවිට ඔහු ප්‍රකාශ කළේ තමන් සම්බන්ධයෙන් නඩු පැවරුවාය කියන කතාවත් පුරවැසි භාවය පිළිබඳවත් ලංකාවේ තිබෙන ආන්දෝලනය ඇමෙරිකාවේ නැති බව යැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.
කිසියම් තැනැත්තකු ඇමෙරිකාවේ පුරවැසි භාවය එපා කියන්නේ නම් ඔහු බලෙන් පුරවැසිකමෙහි තබාගන්න නීතිමය සම්ප්‍රදායක් එරට නැති බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
