ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති කසළ කළමනාකරණය කිරිම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා අමාත්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.
ඒ අනුව අභයන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේගුණවර්ධන, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පිකර රණවක, ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා යන මහත්වරුන්ගෙන් මෙම කමිටුව සම්න්විත වෙයි.
කැලි කසළ නිසි පරිදි කළමනාකරණය නොකිරීම හේතුවෙන් මහජනතාව පීඩාවට පත්ව ඇති අතර එය ස්වාභාවික පරිසරය විනාශ කිරීමටද හේතුවක් වී තිබේ.
එසේම නිසි ලෙස කසළ බැහැර කිරීම සඳහා රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති වලට එරෙහිව ජනතා විරෝධතාව මතුව තිබේ. මෙම අමාත්‍ය කමිටුව පත්කර ඇත්තේද ඊට විසදුම් සැපයීමටය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
