වැය ශීර්ෂ පරාජයට පත් වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ අමාත්‍ය වජිර අබේවර්ධනගේ අමාත්‍යංශ සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් අද (02) පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සදහන් කරයි.
ලබන 05 වැනිදා පාර්ලිමේන්තුව වාර අවසාන වන බැවින් ඊට පෙර අදාළ අමාත්‍යංශවල වැය ශීර්ෂ සම්මත කර ගැනීමටයි ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබෙන බවද එම ආරංචි මාර්ග පවසයි.
අද රැස්වන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කෙරෙන පරිපූරක ඇස්තමේන්තුව පසුව පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර එම පක්ෂ නායක රැස්වීම ද අද පැවැත්වෙන බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
