ඩුබායිහිදී මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට පත් තවත් සැකකරුවන් දෙදෙනෙක් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවීමේදී කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අද (02) අලුයම 4.55ට පමණ මොවුන් දෙදෙනා UL-226 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබෙන බවය.
මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් නැමති වයස අවුරුදු 48 ක් වු මිරානිය වීදිය, කොළඹ 12 යන ලිපිනයේ පදිංචිකරුවෙක් හා වීරසිංහගේ ලංකා රජිත් පෙරේරා යන වයස අවුරුදු 40 ක් වු කපුගොඩ, කඹුරුපිටිය යන ලිපිනයේ පදිංචි අය මෙසේ ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
