රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස තිලකා ජයසුන්දර මහත්මිය ඊයේ (18) මහා භාණ්ඩාගාරයේදී වැඩ බාරගත් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.
ඇය මේ වන විට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස හා ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ලෙස ද කටයුතු කරන්නීය.
පාර්ලිමේන්තු පනතකින් පිහිටවනු ලැබූ සංස්ථා,ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ රජයට වැඩි කොටස් ප්‍රතිශතයක් හිමි වානිජමය හෝ වානිජමය නොවන රජය සතු ව්‍යාපාර පිළිබඳව මහා භාණ්ඩාගාරය මගින් ඉටු විය යුතු සේවාවන් සම්බන්ධ අධීක්ෂණය සිදුකිරීම,රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීම් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
