දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනට ස්ථාන මාරුවක් ලැබී ඇති බව වාර්තා වෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසන්නේ මෙම ස්ථාන මාරුව පොලිස් මූලස්ථානයට තාවකාලික පදනම මත සිදුකරනු ලැබුවක් බවය.
රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පසුගිය 23 වැනිදා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමත් සමඟ මෙම ස්ථාන මාරුවීම සිදුකර තිබේ.
මෙම පැහැරගැනීම සිදුකර ඇත්තේ පසුගිය පොලිස් නිල ඇදුමට සමාන අවි රැගෙන පැමිණි පිරිසක් විසින් බව ඥාතීන් පවසයි. ඉහත සිද්ධියට අදාල සුඛෝපභෝගී වෑන් රථය ගාල්ල අපරාධ කොට්ඨාසය මගින් අක්මීමන දී අත්අඩංගුවට ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
