Image

සැහැල්ලු දුම්රියට JICA සමඟ ජපන් යෙන් මිලියන 200,415ක ණය ගිවිසුමක් !

සැහැල්ලු දුම්රියට JICA සමඟ ජපන් යෙන් මිලියන 200,415ක ණය ගිවිසුමක් !

කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි පවතින දැඩි රථ වාහන තදබදය අවම කිරීම සඳහා කොළඹ නගරය තුළ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතියක් ස්ථාපනය කිරීම පිණිස ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය විසින් මූල්‍යමය හා තාක්ෂණික ආධාර සැපයීමට එකඟතාව පළ කරනු ලැබ ඇත.

මෙම සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය මඟින් ප්‍රධාන පරිපාලන කේන්ද්‍රස්ථාන, වාණිජ මධ්‍යස්ථාන සහ කොළඹට තදාසන්නව පිහිටා ඇති අධික ජනගහනයක් සහිත නේවාසික ප්‍රදේශ එකිනෙක සම්බන්ධ වන පරිදි ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එමෙන්ම මෙම සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය අධිවේගී මාර්ග ජාලයට හා බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථාන වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට හැකි වන පරිදි සංවර්ධනය කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ කොටුව බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට මාලඹේ ඩිපෝව දක්වා දුම්රිය මාර්ග ස්ථාන 16 කින් සහ කිලෝමීටර 17 ක දිගින් යුත් සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් ජපන් යෙන් මිලියන 246,641 ක ආයෝජනයක් සහිතව ඉදි කිරීමට සැලසුම් කර තිබේ.

එසේ වැය කිරීමට අපේක්ෂිත මුදලින් ජපන් යෙන් මිලියන 200,415 ක මුදලක් ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය එකඟ වී ඇති අතර, ඒ සඳහා වන ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමට සහ ණය ගිවිසුමකට එළඹීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න