Image

ශෂී වීරවංශගේ හොර පාස්පෝර්ට් නඩුවේ අදත් සාක්ෂි විමසයි !

ශෂී වීරවංශගේ හොර පාස්පෝර්ට් නඩුවේ අදත් සාක්ෂි විමසයි !

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (01) විභාගයට ගැණිනි.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේය.

ශෂී වීරවංශ මහත්මිය විසින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගත් බවට චෝදනා කරමින් ආගමන විගමන පනත යටතේ මෙම නඩුව ගොනු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ය.

ඊට අනුව ඇගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයේ උපන් දිනය 1967 වසරේ බවට සටහන්ව ඇති නමුත් ඇගේ රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයේ උපන් දිනය සටහන්ව ඇත්තේ 1971 වසරේ ලෙසය.

අද දිනයේදී විශ්‍රාමික නියෝජ්‍ය රෙජිස්ටාර් ජනරාල් සුමතිපාල හෙට්ටිආරච්චිගේ සාක්ෂි සටහන් කරගැනීම සිදු කෙරුණු අතර වැඩිදුර විභාගය ජනවාරි 14 වන දිනට කල් තබා තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න