Image

2019 වෙනුවෙන් ඇමති රවීගෙන් පොරොන්දුවක් !

2019 වෙනුවෙන් ඇමති රවීගෙන් පොරොන්දුවක් !

ජනතාව තැබූ විශ්වාසය, ඒ අයුරින්ම සුරකිමින්, රටේත් ජනතාවගේත් සුභසිද්ධිය සඳහා ජනතා නියෝජිතයන් වශයෙන් නිරන්තරයෙන් ඇපකැප වන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

රට විදුලියෙන් ඒකාලෝක කරමින්, ජනතාවගේ විදුලි අවශ්‍යතා අඛණ්ඩ මෙන්ම විශ්වාසදායි අයුරින් සපුරාලන්නට, නව රජයේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් තමන් තරයේ අදිටනින් යුතුව කටයුතු කරන බව අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

උදාවූ නව වසරේ විදුලියේ ආලෝකයෙන් රටේ මෙන්ම ජනතාවගේ ජීවිත ආලෝකමත්වී, කඳුළට සුසුමට සමුදී, සතුට, සැනසුම රැඳි සෞභාග්‍යමත් අනාගතයක් කරා යන මංමාවත් හෙලිපෙහෙළි වේවායි ප‍්‍රාර්ථනය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න