තවත් නියෝජ්‍ය අමාත්‍යධූර 13 ක් ඉතිරිව ඇති බවත්, එය ලබා ගැනීම සදහා පක්ෂය ඇතුලේ මන්ත්‍රීවරුන් අතර සටනක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ, රුපියල් ලක්ෂ 41 ක ප්‍රතිපාදනයෙන් කාපට් අතුරා සංවර්ධනය කරන ලද මුල්ලේරියාව, හිඹුටාන පටුමග ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට එක්වෙමින්ය.
එහිදී ජනතාව හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
තව නියෝජ්‍ය ඇමතිධූර 13 ක් දෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒකට අපේ පක්ෂය ඇතුලේ ලොකු සටනක් තියෙනවා. ඒ නිසා එක එක්කෙනාගේ කටින් එක එක ඒවා ප්‍රකාශ වෙනවා. ඒවා ප්‍රකාශ වුනාම රත්තරන්ලා, රාජපක්ෂලා, ගම්මන්පිලලා පොඩි චූන් එකක් එනවා ඔවුන්ට කළ කිරීමක් බෙදීමක් තියෙනවා කියලා. ඒකේ අර්ථය නියෝජ්‍ය ඇමතිකමක් ලැබුනේ නෑ කියලා විපක්ෂයට යනවා කියන එක නෙමෙයි. මං බස්නාහිර පළාත් සභාවේ පළාතෙන්ම පළවෙනියා, මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ නවකයෝ අතර පළවෙනියා. මැතිවරණ 03 ම ආසනය ජයග්‍රහණය කරලා දුන්නා. මගේ තමයි එකම එක නගර සභාව මුළු ලංකාවෙන්ම කොට්ඨාශ 11 න් 11 ම එක්සත් ජාතික පක්ෂය දිනපු.
ඒ අතින් බලනකොට නියෝජ්‍ය ඇමතිකමකට ඉහලින්ම මං ඉන්නවා.එහෙම තිබියදී නියෝජ්‍ය ඇමතිකමක් ලැබුනේ නෑ කියලා මං වැඩ කරන එක අත අරින්නේ නෑ. එක්සත් ජාතික පක්ෂය අත අරින්නෙත් නෑ. දේශපාලනය කරන්නේ බලය ගන්න.බලය ගන්නවා කියන්නේ ඇමතිකමක් ගන්න ඕනේ.පහුගිය අවුරුදු 03 හමාරක කාලයේ මිලියන 16000 ක වැඩ කලේ ඇමතිකමක් නැතිවයි. මං කියන්නේ ඇමතිකමක් ලැබුනොත් ගන්නවා,නොලැබුනොත් තරහා යයි. ඒත් පක්ෂය දාලා යන්නේ නැහැ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
