ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආසන සංවිධායකවරුන් 25 දෙනෙකු ඉදිරියේ දී ආණ්ඩුව සමගින් එක්වන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
කළුතර පයාගල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කල අතර එම පිරිස ඉදිරි දිනකදී මාධ්‍ය හමුවක් පැවැත්වීමටද සූදානම් බවද පැවසීය.
එම සියලු පාර්ශව එක්කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ප්‍රබල බලවේගයක් ගොඩ නගන බවත් ඒ හරහා ජනතාවට රැකියා ඉල්ලා පාලකයන් පසුපස යනු වෙනුවට සුදුසුකම් මත රැකියා ලබාදෙන තත්ත්වයක් ඇතිකරන බවද අමාත්‍යවරයා පැවසීය.
තවද යෝජිත 2019 අයවැය හරහා ජනතාවට සහන රැසක් ලබාදීමට සියලු කටයුතු සූදානම් කරමින් සිටින බවද එහිදී අමාත්‍යවරයා සඳහන්කර ඇත.
එජාප මන්ත්‍රීවරුන් 07 දෙනෙකු ස්වාධීන වන්නේ යයි ප‍්‍රකාශ කර ඇතත් ව්‍යවස්ථාව අනුව ඇමති ධුර ලබා දිය හැක්කේ 30ක් පමණක් බවත් අගමැතිවරයාට ව්‍යවස්ථාව කඩන්න බැරි බවද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
