Image

කැබිනට් නොවන අමාත්‍යවරුන්ට ජවිපෙන් කොක්කක් !

කැබිනට් නොවන අමාත්‍යවරුන්ට ජවිපෙන් කොක්කක් !

කැබිනට්‌ නොවන අමාත්‍යවරුන් තිදෙනා සඳහා ද ආයතන හා කාර්යයන් වෙන් කරමින් ජනාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රියේ (30) ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කර ඇත.

ඊට අනුව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්‌ෂණ කැබිනට්‌ නොවන අමාත්‍ය ධුරයට පත් වූ අජිත් පී. පෙරේරා යටතට තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනය හා ඊට අනුබද්ධිත ආයතන, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හා සියලුම තොරතුරු තාක්‌ෂණ උද්‍යාන ගැසට්‌ කර තිබේ.

එමෙන්ම විද්‍යා, තාක්‌ෂණ හා පර්යේෂණ කැබිනට්‌ නොවන අමාත්‍ය ධුරයට පත් වූ සුජීව සේනසිංහ ට ජාතික මූල්‍ය අධ්‍යන ආයතනය, ජාතික විද්‍යා පදනම ඇතුළු ආයතන 19 ක්‌ අයත් කර තිබේ.

තවද පොදු සැපයීම් සහ ආර්ථීක ප්‍රතිසංස්‌කරණ කැබිනට්‌ නොවන අමාත්‍ය ධුරයට පත් වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය ගැසට්‌ කර තිබේ.

ජවිපෙන් කොක්කක් !

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කැබිනට් නොවන අමාත්‍යවරුන්ට බලතල ලබාදිය නොහැකි බවයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කළුතර ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමින් එබව කියා සිටියේය.

කැබිනට් නොවන අමාත්‍ය ධුර ලබාදීම වැරදි පූර්වාදර්ශයක් බව ද ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න