Image

අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් !

අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් !

අමාත්‍යවරුන් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා කිරීමට පෙර අධ්‍යයනය කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සඳහන් කරන ආකාරයට ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගෙන් සැදුම් ලබන මෙම කමිටුවේ ප්‍රධානත්වය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් දැරීමට නියමිතය.

අත්‍යාවශ්‍ය කැබිනට් පත්‍රිකා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සහ ජනාධිපතිවරයා සමග ඇති වන ගැටුම් වළක්වා ගැනීම මෙම කමිටුව පත් කිරීමේ අරමුණ බව ද අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා වැඩිදුරටත් පවසා ඇත.

2019 නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 3 වනදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න