Image

ශ්‍රීලනිප 21 කණ්ඩායමේ බහුතරය දේශපාලන තීන්දුවක් ගන්න සූදානම් !

ශ්‍රීලනිප 21 කණ්ඩායමේ බහුතරය දේශපාලන තීන්දුවක් ගන්න සූදානම් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනාගෙන් බහුතර පිරිසක් ජනවාරි මාසයේදී ඉතා විශේෂ දේශපාලන තීරණයක් ගණන් ගන්නා බව සතිඅන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

ශ්‍රීලනිප මන්ත‍්‍රීවරයෙකු උපුටමින් වාර්තාවේ සඳහන් කර ඇත්තේ සිය පාක්ෂිකයන්ට එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු පසුපස යාමට සිදුවී තිබීම නිසා මෙම තීන්දුවට එළඹෙන බවයි.

ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීරණය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට දඬුවම් විඳීමට සිදු වූ බවද ඇමති පදවි පවා අහිමි වූ බව ද එම මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

කෙසේ නමුත් පක්ෂයෙන් ඉවත් වීමට අදහස් කර නැති බවත් පක්ෂය ආරක්ෂා කරන බවත් ඔහු තව දුරටත් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 21 කණ්ඩායම නියෝජනය කරන්නේ යහපාලන ආණ්ඩුවේ කටයුතු කරමින් සිටි ශ්‍රීලනිප සභාපතිත්වය සිරිසේන ජනාධිපතිට ආරක්ෂාකර දෙමින් රාජපක්ෂ විරෝධී ස්ථාවරයේ සිටි පිරිසය. මේ වන විට සිරිසේන ජනාධිපති පක්ෂ අභ්‍යන්තරයේ සිටින සතුරන් ලෙස සලකමින් ප්‍රසිද්ධියේ අවමානයට පාත්‍ර කරන්නේද මේ පිරිසවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න