Image

හර්ෂගේ අමාත්‍යංශයට ආයතන කිසිවක් නෑ : සිරිසේන නිර්මාණය කල තවත් අර්බුදයක් !

හර්ෂගේ අමාත්‍යංශයට ආයතන කිසිවක් නෑ : සිරිසේන නිර්මාණය කල තවත් අර්බුදයක් !

අමාත්‍යංශවලට අදාළ විෂය පථ නම් කිරීමේදී ජනාධිපති සැලසුම් සහගත ලෙස එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ අර්බුදයක් ඇතිකර තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊට එක් නිදර්ශනයක් ලෙස එම ආරංචි මාර්ග දක්වන්නේ කැබිනට් නොවන අමාත්‍යධූරයකට පත් කළ ආචාර්ය හර්ෂ ද සිල්වාට කිසිදු ආයතනයක් වෙන් කර නොතිබීමය.

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පොදු සැපයීම් හා ආර්ථීක ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන ඇමැතිවරයා ලෙස දිව්රුම් දුන්නේ පසුගිය දෙසැම්බර් 21 වනදා ය. නමුත් ජනාධිපති සිරිසේන දෙසැම්බර් 28 වනදා නිකුත් කළ ගැසට් පත්‍රයේ අදාළ අමාත්‍යංශය සඳහා එකදු ආයතනයක් හෝ වෙන් කර නැත.

ඒ අනුව හර්ෂ ද සිල්වා අමාත්‍යවරයාට අමාත්‍යංශ ගොඩනැගිල්ලක් ලබාදුන්නත් ක්‍රියාත්මකවීමට ආයතන කිසිවක් නොමැති අතර අදාළ අමාත්‍ය ධුරය කිසිදු වැදගැම්මකට නැති බවට පත්කරන්නට සිරිසේන ජනාධිපති කටයුතු කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පෙන්වාදෙයි.

එසේම මේ පිටුපස ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට සිය පාලන කටයුතු නිසිලෙස මෙහෙයවීම වෙනුවට ඇමතිධුර, විෂය පථ ගැටළු විසඳගැනීම වෙනුවෙන් සිරිසේන ජනාධිපති පසුපස වැටීමේ තත්ත්වයක් නිර්මාණය කරලීම බවද දේශපාලන ආරංචිමාර්ග පෙන්වාදෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න