Image

ඥාති සංග්‍රහය දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි - පාඨලී

ඥාති සංග්‍රහය දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි - පාඨලී

හැකියාවට මුල්තැන දීම රටට ඉතාම අවශ්‍ය බවත් ඥාති සංග්‍රහය දේශපාලනයෙන් අතුගා දැමිය යුතු බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ මෙම අදහස් පළකර සිටියේ මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ වැසියන්ගේ ගැටලු සාකච්ඡා කිරීමේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මේ රටට අවශ්‍යයි අද කුසලතාවාදය. හැකියාවට මුල් තැනදීම මේ රටට ඉතාම අවශ්‍යයි. මේ රටේ සමහර ක්‍ෂෙත්‍ර කුසලතාවයට මුල්තැන දීම නිසා ඉදිරියට ගිහින් තිබෙනවා. දැන් බලන්න වික්ටර් රත්නායක පළමු පන්තියේ ගායකයෙක්. දශක හතරක් පහක් අඛණ්ඩව ඉදිරියට ඒ තත්වය රැක ගත්තා. ඔහුගේ පුතුන් දෙදෙනාම ගායකයෝ. නමුත් ඔවුනට වික්ටර් රත්නායකගේ තැනට එන්න බැරි උනා. ඇයි සංගීත ක්‍ෂෙත්‍රයේ කුසලතාවාදය ක්‍රියාත්මකයි. තාත්තා වික්ටර් වූ පමණින්, සා ප්‍රසංගය පැවැත්වූ පමණින් ඔවුන් දක්ෂ ශිල්පීන් උවත් පුතුන් ඒ තත්වයට එසවෙන්නේ නැහැ. ගාමිණි ෆොන්සේකා මේ රටේ පළමු පන්තියේ නලුවෙක්. දශක ගණනාවක් ඔහු පළමුපන්තියේ නලුවෙක් හැටියට විවිධ චරිත ඔස්සේ මතුවෙලා ආවා. ඔහුගේ පුතත් නලුවෙක්. නලුවෙකු වූ පමණින් ඔහු ගාමිණි ෆොන්සේකා උනේ නැහැ. පළමු පන්තියේ දශක ගණනක් තිස්සේ නලු ක්‍ෂේත්‍රයේ වැජඹෙන්න ගාමිණි ෆොන්සේකාගේ පුත්‍ර රත්නයට බැරි උනා. ඇයි ඒ? නලු නිලි ක්‍ෂෙත්‍රයේ කුසලතාවාදය ක්‍රියාත්මකයි. තාත්තගෙන් පුතාට එතැන දක්ෂතාවය මාරුවෙලා යන්නේ නැහැ. බලන්න ලෝක කුසලානය දිනා දුන් අප මිත්‍ර අර්ජුන රණතුංග. එතුමාගේ පුත්‍රයත් ක්‍රිකට් ගහනවා. ගැහුවයි කියල රණතුංගගේ තත්වයට ළඟා උනේ නැහැ. රණතුංගගේ ක්‍රීර්ති නාමය, ක්‍රිකට් ක්‍රීඩාවට ලබාදුන් තත්වය ඔහුගේ පුත්‍රයාට ළඟා කර ගන්න බැරි උනා. ඇයි ක්‍රිකට් ක්‍රීඩාවේදී පියාගෙන් පුතාට එහෙම උරුමය ගමන් කරන්නේ නැහැ.

ව්‍යාපාරික ක්‍ෂෙත්‍රය ගත්තත් එච්චරයි. ඉස්සර මේ රටේ තාත්තලාගෙන් පුතාලට ගිය එකම දේ තමයි ව්‍යාපාර, දේපළ, ඉඩ කඩම්,වස්තුව. නමුත් අද ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ ලංකාවේ පළවෙනි දහදෙනා ගත්තතොත් ඒ අයගෙ තාත්තලා සාමාන්‍ය මිනිස්සු. ඉතාම සාමාන්‍ය ව්‍යාපාරිකයෝ. එහෙමනම් වෘත්තීයවේදී, ඉංජිනේරු, වෛද්‍ය වගේම පරිපාලන සේවය, නීති ක්‍ෂෙත්‍රය, නඩුකාරවරු මේ හැම ක්‍ෂෙත්‍රයක්ම ගත්තහම අපට පේනවා කුසලතාවය ජයග්‍රහණය කර තිබෙන බව. ජයග්‍රහණය නොකළ එකම ක්‍ෂෙත්‍රය දේශපාලනයයි. දේශපාලනයේ තාත්තලාගේ පුත්තු, අම්මලාගේ දූවරු, බෑනලා, එහෙම නැත්නම් අනෙකුත් ඥාතීන් පහළ ප්‍රාදේශීය මට්ටමේ ඉඳන් පළාත් සභා මට්ටමේ ඉඳන් ජාතික දේශපාලනයට ඇවිත් තිබෙනවා. කුසලතාවය නිසා නෙමෙයි තාත්තා,අම්මා දේශපාලනඥයෝවීම නිසා. මෙන්න මේ තත්වය අපි වහාම වෙනස් කළ යුතුයි. ඇතැම් පියවරුන්ගේ පුත්තුන්ට කුසලතාවය තිබෙනවා. ඒ නිසා ඔවුන් ඉහළට ගියාට අපට ප්‍රශ්නයක් නැහැ. හැබැයි කුසලතාවය නැතිව තාත්තාගේ ශක්තියෙන්ම පමණක් එනවා නම් අන්න ඒක වලක්වලා කුසලතාවයෙන් ඉදිරියට එන්න දේශපාලනයේ ඉඩකඩ සකස් කරදිය යුතුයි. මෙය මේ රටේ විශාල සමාජවිප්ලවයක්. මේ සමාජ විප්ලවය අපි විසින් මේ රටේ සිදු කළ යුතු යැයි ද පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න