Image

චන්ද්‍රිකාගේ පැමිණීම ඇසීමෙන් සිරිසේන නොසන්සුන් : පක්ෂ මුලස්ථානයේ යතුරු පොලිසියේ !

චන්ද්‍රිකාගේ පැමිණීම ඇසීමෙන් සිරිසේන නොසන්සුන් : පක්ෂ මුලස්ථානයේ යතුරු පොලිසියේ !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සන්ධානයක් පිහිටුවීම සම්බන්ධ නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

මෙහිදී යෝජිත සන්ධානයට විරුද්ධ පාර්ශවය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ උපදෙස් අනුව ක්‍රියාකරමින් නැවත පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට අපේක්ෂාවෙන් සිටින බවද වාර්තා වෙයි.

මේ පිරිසේ අදහස වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධවීමෙන් පක්ෂය විනාශ විය හැකි බවය. එසේම එම තත්ත්වය නොසළකා ජනාධිපති සිරිසේන කටයුතු කළහොත් ඔහුට එරෙහිව පක්ෂය තුළ වෙනම කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමේ තීරණයක්ද මේ පාර්ශවය ගෙන ඇති බව ද දැනගන්නට ඇත.

කෙසේ වුවත් මේ සූදානම පිළිබඳ මේ වන විට ජනාධිපති සිරිසේන ද දැනුවත් බව වාර්තා වන අතර පක්ෂ මුලස්ථානය වසා දැමීම සඳහා දන්වා ඇත්තේද ඒ අනුව බවත් වාර්තා වෙයි.

පක්ෂ මුලස්ථානය වසා දමන ලෙස දන්වමින් සිරිසේන ජනාධිපති නියෝග කර ඇත්තේ කිසිඳු හේතුවක් මත චන්ද්‍රිකා හෝ ඔහුගේ අනුගාමිකයන්ට පක්ෂ මුලස්ථානයට ඇතුල්වීමට ඉඩනොතබන ලෙසය. එවැනි සිදුවීමක් තමන්ට වාර්තාවීමට ඉඩනොතබන ලෙසත් එවැන්නක් සිදුවුවහොත් වගකිවයුත්තන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ජනාධිපති සිරිසේන දන්වා ඇති බවත් වාර්තා වෙයි.

එසේම පක්ෂ මුලස්ථානය වැසීමෙන් පසුව එහි යතුරු භාරගැනීමට පවා කිසිවෙකු ඉදිරිපත්ව නොමැති බවත් ඒ හේතුවෙන් පක්ෂයේ යතුරු එහි සේවය කල සේවකයකු විසින් මරදාන පොලිසියට ලබාදී ඇති බවත් වාර්තා වෙයි.

මෙවැනි සිදුවීමක් පක්ෂයේ සිදුවුයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බවත් ඒ සියල්ලට හේතුව සිරිසේන ජනාධිපතිගේ බල තණ්හාවට ගනු ලබන අත්තනෝමතික තීරණ බවද පක්ෂ ආරංචිමාර්ග පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න