ව්‍යාපාරිකයෙකුට ගිනිඅවි පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටාන ප‍්‍රාදේශීය සභාවේ මහින්ද පිලේ මන්ත්‍රී දිනේෂ් ද සිල්වා ඇතුළු තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ.
ජා-ඇල, උදම්විට ප‍්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාට අයත් නිවසකදි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
වාර්තා වන ආකාරයට ඔවුන් සන්තකයේ තිබී පිස්තෝලයක්ද සොයාගෙන තිබේ.
කටාන ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනා ඉකුත් 16 වනදා ජාඇල, මාඑළිය ප‍්‍රදේශයේදී හෝටලයකට ඇතුළු වී එහි හිමිකරුට ගිනිඅවි පෙන්වා මරන තර්ජන එල්ල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සදහා ජා-ඇල පොලීසියට භාරදී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
