Image

කිසිවිටෙක විපක්ෂයට යන්නේ නෑ - රංගේබංඩාරගෙන් සහතිකයක් !

කිසිවිටෙක විපක්ෂයට යන්නේ නෑ - රංගේබංඩාරගෙන් සහතිකයක් !

කිසි දිනක විපක්ෂයට සහය නොදෙන බවත් විපක්ෂයට එක්නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබංඩාර පවසයි.

ඊයේ (29දා) පස්වරුවේ අනුරාධපුරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසූ අතර ඒ විපක්ෂයට එක්වීමට සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදීන් කළ විමසිමකට පිළිතුරු දෙමින් ය.

“ඒ ගොල්ලන්ට මොකක් හරි ඔළුවේ අමාරුවක් ඇති. එහෙම නැත්තම් එවැනි ප්‍රකාශ කරන්නේ නෑ’ අපේ නම් මං දන්න තරමින් එක්කෙනෙක් යන්නේ නෑ. මං කළකිරිලා ඉන්නවා කියන එකවත් වෙනස් වෙන්න ඔනේ කියන එකවත් හරවනවා කියන එකවත් නොවෙයි මා කිවේ. මට කිසි දෙයක් හරවන්න අවශ්‍ය නෑ. කවුරුත් කළකිරිලා නෑ. විවිධ අදහස් තියෙන්න පුළුවන්. විවිධ අදහස් විවිධ ස්ථානවලින් ප්‍රකාශ කරන්න පුළුවන් නමුත් සියළු දෙනා මේ දිනා ගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිමට කටයුතු කරනවා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න