මාවනැල්ල මස්ජිදුල් අබ්රාර් ජුම්මා පල්ලිය මගින් මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් සිදුකර ඇති අතර දෙල්ගහගොඩ මුස්ලිම් පල්ලියේ දායක සභාව හා මුස්ලිම් ප‍්‍රජාය මෙම සිද්ධිය දැඩි ලෙස හෙලා දකින බව ඒ හරහා අවධාරණය කර ඇත.
පසුගිය දින වල මාවනැල්ල අවට ප‍්‍රදේශවල ඉදිකර තිබු බුදු පිළිම කිහිපයක් හානියට පත්කිරිම අසෝබන සිද්ධියක් බවත් තම ගම තුල තරුණයන් පිරිසක් චෝදනාවකට ලක්ව අත්අඩංගුවට පත්විම ගැන අප බලවත් කම්පාවට පත් වන අතර ඒ පිලිබඳ තම කණගාටුව සමස්ථ බෞද්ධ ප‍්‍රජාවට ප‍්‍රකාශ කරන බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.
එසේම සිද්ධිය සම්බන්ධයෙන් වැරදි කරුවන් නිතීයේ රැහැනට හසු කරගනිමින් උපරිම දඩුවම් ලබා දි සාමය සහජීවනය වෙනුවෙන් කටයුතු කරන ලෙස ආකරක්ෂක අංශ වලින් ඔවුන් ඉල්ලා සිටින බවද එහි දක්වා ඇත.
එමෙන්ම මෙ සිදුවිම වලට සම්බන්ධ වු මෙහෙයෙවු පුද්ගලයන් අත්අඩංගුවට ගැනිම සඳහා දෙල්ගොඩ මුස්ලිම් පල්ලියේ දායක සභාව හා මුස්ලිම් ජනතාව ආකරක්ෂක අංශවලට මේ වනතුරු සම්පුර්ණ සහයෝගය ලබාදි ඇති අතර ඉදිරි පරික්ෂණ වලටද අප සහයෝගය ලබාදිමට කැප වෙන බව බවත් එහි සඳහන් කර තිබේ.
අදාළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
