Image

ධන ආකාර කිහිපයක් සිරිසේන අල්ලගෙන : මල්ලිව රකින්න ශ්‍රී ලංකා ටෙලිකොම් අරගෙන !

ධන ආකාර කිහිපයක් සිරිසේන අල්ලගෙන : මල්ලිව රකින්න ශ්‍රී ලංකා ටෙලිකොම් අරගෙන !

ජනාධිපති සිරිසේන විසින් නිකුත් කරන ලද අමාත්‍යාංශ විෂය පථ සඳහන් අංක 2103/33 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අනුව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කිසිඳු අමාත්‍යාංශයක් යටතට පවරා නැති බව වාර්තා වෙයි.

එසේම ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම සහ වෝටර්ස් එජ් (Waters Edge Hotel) ආයතනයද කිසිදු අමාත්‍යාංශයක් යටතට පවරා නොමැත.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ අතිමහත් ගනුදෙනු ප්‍රමාණයක් සිදුවන මෙම ආයතන සිරිසේන ජනාධිපති යටතට ගැනීමේ අපේක්ෂාවෙන් මෙය සිදුකර ඇති බවය.

විශේෂයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිත්වය සිරිසේන ජනාධිපතිගේ සහෝදරයා දරන අතර මුල්‍ය අක්‍රමිකතා ඇතුළු චෝදනා රැසක් ඔහුට එරෙහිව පවතී. ඒ අනුව වෙනත් අමාත්‍යවරයෙකුගේ විෂය පථය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ලබාදුනහොත් සිය සහෝදරයාට එහි සභාපතිත්වය නොලැබීයාමේ අවධානම හේතුවෙන් එය ජනාධිපති සිරිසේන යටතේ තබාගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එහෙත් ඔක්තෝබර් 26 ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණයෙන් පසුව මහින්ද රාජපක්ෂ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්කර සිරිසේන ජනාධිපති විසින් 2018.11.09 වන දින නිකුත් කළ අංක 2096/68 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශය යටතට පත් කර තිබිණි. එහෙත් මෙවර එය විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ හෝ වෙනත් අමාත්‍යාංශයක් යටතේ ගැසට් කර නොමැත.

තවද කුමන්ත්‍රණ ආණ්ඩුව වෙනුවෙන් 2018.11.05 දින නිකුත් කෙරුණු අංක 2096/17 අති විශේෂ ගැසට් නිවේදනයෙන් ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම සහ මිහින් ලංකා සමාගම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතට පවරා තිබුණත් මෙවර එය එම අමාත්‍යාංශය යටතේ හෝ වෙනත් අමාත්‍යාංශයක් යටතේ ගැසට් කර නොමැත.

එසේම මීට පෙර මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතට පවරා තිබු වෝටර්ස් එජ් ආයතනය ද එම අමාත්‍යාංශය යටතේ හෝ වෙනත් අමාත්‍යාංශයක් යටතේ ගැසට් කර නොමැති බව පෙනේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න