අමාත්‍යංශ විෂය පථය හා ඊට අදාල රාජ්‍ය ආයතන ඇතුලත් ගැසට් නිවේදනයට සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් හෙට (31) දිනයේ ජනාධිපතිවරයා හමුවී ඔහු වෙත යොමුකිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ඒ අදාළ ගැසට් නිවේදනයේ ඇතුළත් විෂය පථ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් අතර බලවත් නොසන්සුන්තාවක් ඇති ව තිබෙන නිසාය.
විශේෂයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල හා රවි කරුණානායක යන අමාත්‍යවරුන් තමන්ට ලැබී ඇති ආයතන සම්බන්ධයෙන් බලවත් නොසතුටින් සිටින බව දැනගන්නට ඇත.
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිටින්නේ ධුරයෙන් ඉල්ලා අස්වීමට තරම් කනගාටුවෙන් බවද සඳහන්ය. මීට පෙර කිරිඇල්ල අමාත්‍යවරයා සතුව තිබූ රාජ්‍ය බැංකු සියල්ල නව ගැසට් නිවේදනය මගින් මුදල් අමාත්‍යංශය යටතට පවරා ඇත.
එසේම නව ගැසට් නිවේදනයේ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට රාජ්‍ය ව්‍යසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ධූරය ලබා දී ඇතත් ඔහුට හිමිව ඇත්තේ ආයතන හතක් පමණි.
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමතිවරයා වන රවි කරුණානායක මහතාට ආයතන හතක් හිමිව ඇතත් ව්‍යාපාර සංවර්ධන ඇමැති ධුරයට අදාළ කිසිදු ආයතනයක් ගැසට් පත්‍රයේ නැත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, නවීන් දිසානායක යන ඇමතිවරුන්ගේ අමාත්‍යංශ සඳහා ආයතන විශාල ගණනක් ගැසට් කර තිබීම සම්බන්ධයෙන් ආයතන කප්පාදුවකට ලක්ව සිටින ඇමැතිවරුන් නොසතුටින් සිටින බවද වාර්තා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
