සිරිසේන ජනාධිපතිගේ පාලන රටාව අනුව එය 2013 ට පෙර පැවති තත්ත්වයට රට ගෙනයාමක් පෙන්නුම් කරන බව දේශපාලන විචාරකයන් පෙන්වාදෙයි.
ඊට නිදර්ශන ලෙස ඔවුන් දක්වන්නේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ පොලිස් දෙපාර්තමේන්තුව තබා ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය වන අතර එය පැහැදිළිව 2013 වසරට පෙර පැවති රාජපක්ෂ පාලනය කරා යළිත් රට ගෙන යෑමේ ප‍්‍රවනතාවක් බව ඔවුන්ගේ අදහස වී තිබේ.
මේ බව පෙන්වා දෙමින් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ රාජපක්ෂ ජනාධිපතිවරයා 2013 අගෝස්තු 16 වැනිදා නීතිය හා සාමය අමාත්‍යංශය පිහිටුවා ඒ යටතට පොලිස් දෙපාර්තමේන්තුව පත් කල බවය. එසේම එම අමාත්‍යංශය පිහිටුවනු ලැබූයේ, මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් වූ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශයක් අනුව යමින් වුවත් වත්මන් ජනාධිපතිවරයා එම පියවර ආපස්සට ගෙන ආරක්ෂක අමාත්‍යංශය යටතේ පොලිස් දෙපාර්තමේන්තුව තබා ගැනීමට තීරණය කර ඇති අතර එය 1991දී පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් එකගත්වය පළ කළ හරාරේ ගිවිසුමෙහි අඩංගු යහපාලන ප‍්‍රතිපත්ති උල්ලංඝණය කිරීමක් හා මානව හිමිකම් සුරැකීමට එරෙහිව යෑමක් ලෙසින් එම තීරණය පෙන්නුම් කරන බවත් ඔවුන් පෙන්වා දෙයි.
ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ තවදුරටත් විධායක ජනාධිපති ධුරය හමුවේ වැඳ නමස්කාර කිරීම වෙනුවට වහාම එය අහෝසි කරන්නට ක්‍රියා කළයුතු බවය. එක් පුද්ගලයකුගේ අත්තනෝමතික පාලනයකට අවස්ථාව සලසාදීම වෙනුවට එය පාර්ලිමේන්තුව විසින් අත්පත් කරගත යුතු බවද ඒ හරහා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහය වඩාත් ශක්තිමත් කල හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.
එසේම දේශපාලන විචාරකයන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ මේ වන විටත් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සිරිසේන ජනාධිපති අවම වශයෙන් ජාතියෙන් සමාව ගැනීමටවත් කටයුතු කර නොමැති බවත් ඒ හමුවේ පුරවැසි ප්‍රජාව ඒකාධිපති පාලන සූදානම වහා පරාජය කිරීමට ධෛර්යයෙන් පෙළගැසිය යුතු බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
