ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට එක්නොවී විපක්ෂයේ සිට කටයුතු කලයුතු බව ජනාධිපති සිරිසේනගේ ස්ථාවරය නම් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජේෂ්ඨයකුට හිමිවිය යුතු බව එම පක්ෂයේ ප්‍රබල මන්ත්‍රී කණ්ඩායමක ස්ථාවරය වී ඇත.
ඒ අනුව ශ්‍රීලනිපයෙන් පොහොට්ටු පක්ෂයට එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ නායකයකු වන නිමල් සිරිපාල ද සිල්වා විපක්ෂ නායකයා ලෙස පත්කළ යුතු බවට එම මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා දිවයිනට පැමිණිවිට ඉල්ලා සිටීමට සූදානම් වන බව වාර්තා වෙයි.
එහෙත් අවශ්‍ය නම් විපක්ෂයේ සංවිධායක ධුරය 'පොහොට්ටුවටත් ලබාදීමට ඔවුන්ගේ විරෝධයක් නැතැයි ද වාර්තා වෙයි.
මට අසාධාරණයක් වුණා - නිමල්
මේ අතර ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ නායකයකු වන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ, පක්ෂයෙන් තමන්ට බලවත් අසාධාරණයක් සිදුවූ බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර පැය බාගයක් යන්නට පෙර මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකම ජනාධිපති සිරිසේන මහතා විසින් ලබාදුන් බවත් දිවුරුම් දෙන තෙක් තමන් පවා එය නොදැන සිටින බවත් එහිදී පවසා ඇත.
මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා කලින් නයි මුගටි වෛරයෙන් සිටි බවත් වේදිකාවේ දී විවිධ කතා කියමින් බැනගත් බවත් ඔහු සඳහන් කළේය.
මහින්ද සහ සිරිසේන එසේ එකතු වුවද ගමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා සහ පොහොට්ටු පාක්‍ෂිකයන් නයි මුගටි වෛරයෙන් තවදුරටත් සිටින බවත් මන්ත්‍රීවරයා පවසා ඇති අතර පක්ෂයෙන් තමනට බොහෝ අඩු පාඩු සිදු වුවත් තමන් දේශපාලන ගේම් ගසන්නේ නැති බවද සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
