කැබිනට් සහ කැබිනට් නොවන අමාත්‍යවරුන්ට අදාළ ආයතන සහ විෂයන් ජනාධිපතිවරයා විසින් ගැසට් කර තිබේ.
එහිදී ශ්‍රි ලංකන් ගුවන් සමාගම හා ශ්‍රි ලංකන් කේටරින් සමාගම මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කිසිඳු අමාත්‍යංශයක් යටතට ගැසට් නොකිරීම නිසා එම ආයතන ජනාධිපතිවරයා යටතට පැවරෙයි.
රාජ්‍ය රහස් තොරතුරු සේවය සහ පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා තිබේ. එමෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ද ජනාධිපතිවරයා යටතේ පවතියි.
පොලිසිය සිරිසේනට !
ඊයේ(29) මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ මෙම ගැසට් නිවේදනයට අනුව ජනාධිපති සිරිසේන යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශයට ත්‍රිවිධ හමුදාව, පොලිස් දෙපාර්තමේන්තුව, රාජ්‍ය රහස් තොරතුරු සේවය, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 21ක් අයත් වෙයි.
එමෙන්ම ජනාධිපතිවරයා යටතේ ඇති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයට ලංකා මහවැලි අධිකාරිය, මොරගහකන්ද සහ කළුගල ජලාශ ව්‍යාපෘතිය ඇතුළු ආයතන 22 ක් අන්තර්ගත කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ආයනත 24ක් අගමැතිට !
මේ අතර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශයට ජාතික තරුණ සේවා සභාව, පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය, ජන හා සංඛ්‍යෙල්ඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය, ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 24 ක් ඇතුළත්ය.
මංගලට ආයතන 48ක් !
ගැසට් නිවේදනයට අනුව මංගල සමරවීර යටතේ ඇති මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය අයත් ආයතන සංඛ්‍යාව 48 කි.
ඒ අනුව මහා භාණ්ඩාගාරය, රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, වෙළෙඳ හා ආයෝජන දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා රේගුව, ශ්‍රි ලංකා රක්ෂණ මණ්ඩලය, ශ්‍රි ලංකා මහබැංකුව, සියලුම රාජ්‍ය බැංකු ඇතුළු ආයතන රැසක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයට ඇතුළත් වෙයි.
එමෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩලය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ ලේක්හවුස් ආයතනය ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට පවරා ඇති බව සඳහන්ය.
තවද අදාළ ගැසට් නිවේදනය අනුව රවී කරුණානායක යටතේ ඇති විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයට යටතට ලංකා විදුලිබල මණ්ඩලය සහ එහි පාලිත සමාගම්, ලංකා විදුලිබල සමාගම, සීමාසහිත ලංකා ගල් අඟුරු සමාගම ආදිය අයත් වෙයි.
කෙසේ වෙතත් රවී කරුණානායක මහතාට අයත් ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයට කිසිඳු ආයතනයක් ගැසට් කර නොමැත.
අනෙකුත් කැබිනට් අමාත්‍යංශවලට හිමි විය යුතු ආයතන සහ විෂයන් සාමාන්‍ය පරිදි ලබා දි තිබේ.
මේ අතර කැබිනට් නොවන අමාත්‍යවරුන් තිදෙනා සඳහා ද ආයතන හා කාර්යයන් වෙන් කරමින් ඊයේ රාත්‍රියේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය ධූරයට පත් වු අජිත් පී. පෙරේරා මහතා යටතට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා ඊට අනුබද්ධිත ආයතන, ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හා සියලුම තොරතුරු තාක්ෂණ උද්‍යාන ගැසට් කර තිබේ.
එමෙන්ම විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය ධූරයට පත් වු සුජීව සේනසිංහ මහතාට ජාතික මූල්‍ය අධ්‍යන ආයතනය, ජාතික විද්‍යා පදනම ඇතුලු ආයතන 19 ක් අයත් කර තිබේ.
පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ධූරයට පත් වු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ප්‍රතිපත්ති අධ්‍යන ආයතනය ගැසට් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
