විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඉකුත් 20 වැනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් හරීන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයාගේ විෂය පථයෙන් ඩිජිටල් යටිතල පහසුකම් විෂයත්, සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයාගේ විෂය පථයෙන් විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ යන විෂයත් ඉවත් කරනු ලැබ තිබේ.
මේ පිළිබඳ දක්වමින් ජනාධිපති සිරිසේනගේ නියමය පරිදි ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න විසින් අති විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.
අමාත්‍යවරුන් වන හරීන් ප‍්‍රනාන්දු හා මලික් සමරවික‍්‍රම ඉකුත් 20 වැනිදා දිවුරුම් දුන් අමාත්‍යධූරයන්ගෙන් ඉල්ලා අස්වී ඇති බව ඉන් එක් ගැසට් පත‍්‍රයක සඳහන් කර ඇත.
ඉකුත් 21 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි හරීන් ප‍්‍රනාන්දු මහතා විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙසත්, මලික් සමරවික‍්‍රම මහතා සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙසත් පත්කර ඇති බව අනෙක් ගැසට් පත‍්‍රයේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ සිදුව ඇත්තේ අමාත්‍යවරුන්ගේ විෂය කප්පාදුවක් නොවන බවය.
ඒ වෙනුවට සිදුකර ඇත්තේ ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්‍ෂණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස අජිත් පී. පෙරේරා මහතාත්, විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස සුජීව සේනසිංහ මහතාත් දිවුරුම් දී ඇති නිසා එම විෂය පෙර තිබූ අමාත්‍යාංශවලින් ඉවත් කර අමාත්‍යාංශයේ නම් වෙනස් කර තිබීමය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
