Image

ජලගැලීමෙන් පීඩාවට පත් පවුල්වලින් බැංකු ණය එකතුකිරීම අත්හිටුවනවා - රනිල්

ජලගැලීමෙන් පීඩාවට පත් පවුල්වලින් බැංකු ණය එකතුකිරීම අත්හිටුවනවා - රනිල්

කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත‍්‍රික්වල ජලගැලීමෙන් පීඩාවට පත් පවුල්වලින් බැංකු ණය එකතුකිරීම අත්හිටුවන ලෙස දැනුම් දුන් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පවසයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මේ බව පැවසූයේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත‍්‍රික්කවලට ඇදහැලූණු මහ වැසි සමඟ ඇතිවූ ගංවතුරින් අවතැන්වූ ජනතාව සඳහා සහන ලබාදීම වෙනුවෙන් කිලිනොච්චි දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

ණය එකතු කිරීමේදී ජනතාවට සහනදිය යුතු ක‍්‍රමවේද පිළිබඳව බැංකු සමඟ සාකච්ඡා කර ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බව කී අග‍්‍රාමාත්‍යවරයා මූලික සහන සැපයීමෙන් පසු සියලූ දේපල හානි සඳහා ඉතා කඩිනමින් වන්දි මුදල් ලබාදෙන බවද අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත.

එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මෙන්ම රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරු සහ උතුරු පළාත් සභා මන්ත‍්‍රීවරු රාජ්‍ය නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

එහිදී උතුරේ ජනතා නියෝජිතයන් තම ජනතාව මුහුණපා ඇති ආපදා තත්වය පිළිබඳව අග‍්‍රාමාත්‍යවරයාට දීර්ඝ විස්තරයක් කළ අතර කිලිනොච්චි දිස්ත‍්‍රික් ලේකම් සුන්දරම් අරුමේනායගම් මහතා ආපදා හානි සම්බන්ධ සංඛ්‍යා ලේඛන ද ඉදිරිපත් කළේය. මෙහිදී ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මූලික වටයේ වන්දි මුදල වන රුපියල් දසදහසක චෙක්පත් ප‍්‍රදානයක් ද අග‍්‍රාමාත්‍යවරයා අතින් සිදුකෙරිණි.

ආපදා සහන වැඩසටහනින් පසුව අග‍්‍රාමාත්‍යවරයා කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටුවා තිබෙන අවතැන් කඳවුර නිරීක්ෂණයට ද එක්වූ අතර එහි නවාතැන් ගෙන සිටින ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ප‍්‍රශ්න පිළිබඳව පෞද්ගලිකවම විමසා බැලීය. ආපදාවට පත් පවුල් වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාදීම ද මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා අතින් සිදුවිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න