Image

සිරිසේනට සොරි වෙයි : පොහොට්ටු බුලත්කොළ සන්ධාන නෑ - පාලක ලේකම් කියයි !

සිරිසේනට සොරි වෙයි : පොහොට්ටු බුලත්කොළ සන්ධාන නෑ - පාලක ලේකම් කියයි !

එළඹෙන ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධාන ගතවන බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා මේ සම්බන්ධව මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකර ඇති අතර එහිදී සඳහන්කර ඇත්තේ පක්‍ෂ දෙක ජනවාරියේදී සන්ධාන ගත වන්නේ යැයි ඇතැමුන් කරන ප්‍රකාශවල සත්‍යතාවක් නැති බවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ඇතැම් කරුණු පිළිබඳව සාකච්ඡා කර තිබුණද පක්ෂ දෙක එක්ව සන්ධානගත වීම සඳහා නිල මට්ටමේ කිසිදු සාකච්ඡාවක් මේ වන විට පවත්වා නැති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.

දිනන්න බැරි අශ්වයාගේ මාධ්‍ය මෙහෙයුම :

කෙසේ වුවත් පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එළඹෙන ජනවාරි මාසයේ යෙදෙන සුභ නැකතකදී සන්ධාන ගතවන බවට දිගින් දිගටම පුවත් පළකරන්නේ ජනාධිපති මාධ්‍ය අංශයේ මැදිහත්වීම මත පවත්වාගෙන යන වෙබ් අඩවි මුලික කරගෙනය.

මේ සම්බන්ධවද අප විමසු කළ පොදුජන පෙරමුණ ප්‍රබලයකු සඳහන් කර සිටියේ මේ වන විට සිරිසේන ජනාධිපති දේශපාලන වශයෙන් අවලංගු බව ඕනෑම කුඩා දරුවෙක් වුවත් දන්නා කරුණක් බවය. එවැනි පසුබිමක දිනන්න බැරි අශ්වයෙකු තරගයට යොදවා පරාජයවීමට පමණක් නොව දේශපාලන අනාගතයම අස්ථාවර කරගැනීමට අදහසක් තම පක්ෂයට නොමැති බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න